20ට අත උස්සලා ද්විත්ව පුරවැසිකම හොඳයි කී රිෂාඩ්ගේ ගෝළයා නැඟෙනහිර කැලෑ කපනවා…! – මුහුදු මහා විහාරාධිපති හිමි….

February 5, 2021 at 9:28 pm | by emanisa.lk

රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුෂාරෆ් මුදුනබීන් පාර්ලිමේන්තුවට ගියේ මුහුදු මහ විහාරයේ ගින්න විකුණමින් බව මුහුදු මහ විහාරාධිපති වරකාපොළ ඉන්ද්‍රසිරි හිමියෝ චෝදනා කරති.

මෙම මන්ත්‍රීවරයා 20 වන සංශෝධනයට අත එස වූ බවත් ද්විත්ව පුරවැසිභාවයට පක්ෂව ඡන්දය දුන් බවත් පවසන එහිමියන් දැන් නැඟෙනහිර වනාන්තර සංහාරයට නායකත්වය දෙන්න් ඔහු බව ද අවධාරණය කරති.

මෙම ඉඩම් අල්ලන්නේ දුප්පත් ජනතාව නොව පොතුවිල් උසාවියේ නීතිය පසිඳලන නීතීඥයින් සමඟ එකතු වූ මුෂාරෆ් බවත් ඉන්ද්‍රසිරි හිමියෝ වැඩි දුරටත් පෙන්වා දෙති.

මුහුදු මහ විහාරයේ අක්කර 72ක භූමිය නිදහස් කර ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙතෙක් කටයුතු කර නොමැති බවත් එහි පදිංචි ජනතාව වෙත විකල්පයක් රජය මගින් යෝජනා කළ යුතු බවත් එහිමියෝ අවධාරණය කරති.

තමන් වහන්සේට මුස්ලිම් ජනතාව සමඟ කිසිදු පෞද්ගලික ආරවුලක් නොමැති බවත් නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස තමා දරුවන්ට උගන්වන බවත් මුස්ලිම් දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදෙන බවත් පවසන එහිමියන් වැඩි දුරටත් පවසන්නේ තමන් එළවළු ටික පවා මිලයට ගන්නේ මුස්ලිම් වෙළෙඳුන්ගෙන් බව ය.

මුහුදු මහා විහාරයේ අලුතින් බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඉදිකිරීම තහනම් කිරීමට යහපාලන ආණ්ඩුවේ සමයේ සජිත් ප්‍රේමදාස කටයුතු කළ බව එම විහාරවාසී උඩලමත්තේ රත්නප්‍රිය හිමියෝ පැවසූහ.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එකතු වෙමින් උන් වහන්සේ ලා මේ බව සඳහන් කළහ.

https://www.youtube.com/watch?v=cpzqrpIkZ80&feature=youtu.be

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස