මුහුදු මහා විහාරයට දෙමහල් විශ්‍රාම ශාලාවක්! ශ්‍රම දායකත්වය නාවික හමුදාවෙන්!

August 17, 2020 at 10:53 pm | by emanisa.lk

අම්පාර, පොතුවිල් මුහුදු මහා විහාරය වෙත පැමිණෙන බැතිමතුන්ගේ නවාතැන් පහසුකම් සඳහා නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් කඩිනමින් වැඩ අවසන් කරන ලද නව දෙමහල් විශ්‍රාම ශාලාව පසුගියදා (15) විවෘත කෙරිණි.

නාවික හමුදාධිපතිවරයාගේ උපදෙස් මත ගිණිකොණ නාවික විධානයේ ආඥාපතිවරයාගේ අධීක්ෂණය යටතේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් වැඩ අවසන් කෙරිණි.

මුහුදු මහා විහාරයේ විශ්‍රාම ශාලාව විවෘත කිරීම රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක දිල්රුවන් රාජපක්‍ෂ විසින් සිදු කළ අතර එම අවස්ථාවට නාවික හමුදා සහ යුද්ධ හමුදා නිලධාරීන් පිරිසක් සහ ප්‍රදේශවාසී බැතිමතුන් පිරිසක් සහභාගී වූහ.

මුහුදු මහා විහාරයේ ආරක්ෂාව සඳහා විහාරයේ නාවික ඒකකයක් පිහිටුවීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූ වහා කටයුතු කළේය. යහපාලන ආණ්ඩුව අසල හමුදා කඳවුරට මුහුදු මහ විහාරයට දානය ලබා දීම තහනම් කිරීමට කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස