යහපාලන කෙරුමන් පස් පාගන්න බිය වූ මුහුදු මහා විහාරයට මහින්ද යයි! විහාරය සුරකින්න පියවර ගන්න බලධාරීන්ට උපදෙස්!

November 12, 2020 at 10:19 am | by emanisa.lk

අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ (11) ඓතිහාසික මුහුදු මහා විහාරයේ චාරිකාවට එකතු වී තිබේ. එහි දී විහාරයේ වර්තමාන තත්ත්වය පිළිබඳ බලධාරීන් සමග සාකච්ඡා කළ අගමැතිවරයා විහාර භූමිය පිළිබඳ ගැටළු වහා නිරාකරණය කොට එය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස දැනුම් දී තිබේ.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ කිසිදු බෞද්ධ නායකයකු මුහුදු මහා විහාරයට නොගිය අතර අන්තවාදීන් එහි ඉඩම් රිසි සේ කොල්ලකෑමට කටයුතු කළ බව වාර්තා විය.

වරක් නැඟෙනහිර චාරිකාවට එකතු වූ වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මුහුදු මහා විහාරය මගහැර පැමිණි බවට මුහුදු මහා විහාරාධිකාරී උඩලමත්තේ රත්නප්‍රිය හිමි චෝදනා කළේ ය.

එයට හේතුව රිෂාඩ් බදියුදීන් රවූෆ් හකීම් ඇතුළු අන්තවාදී දේශපාලන නායකයන්ගේ බලපෑම් බව ද එවක අසන්නට ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස