20ටත් ජිනීවා බලපෑම් එල්ල වෙයි! මානව හිමිකම් අනතුරේ බව කියයි!

September 15, 2020 at 7:46 am | by emanisa.lk

ශ්‍රී ලංකාව විසින් 30/1 යෝජනාවට පක්ෂපාතිත්වය ලබාදෙන්නේ යැයි දුන් සහතිකයෙන් ඉවත්වීම මගින් ලබාදුන් පොරොන්දු ඉතා වේගයෙන් ප්‍රතික්ෂේප කරමින් සිටින බව පැහැදිලි වන්නේ යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් මිචෙල් බැචලේ පවසයි.

එසේම ඇය පවසා සිටින්නේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථාවෙන්ම ස්ථාපිත කරවූ මානව හිමිකම් කොමිසම වැනි කොමිසම්වල පැවැත්ම කෙරෙහි බරපතළ සෘණාත්මක බලපෑම් එල්ල කරන බවයි.

මානව හිමිකම් කොමිසමේ 45 වන සැසිවාරය ජිනීවා නුවර දී රැස්වී ලෝක මානව හිමිකම් යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන්වූ සාකච්ඡාවේදී ඈ විසින් මෙම අදහස් දක්වා ඇති අතර ඈ කොමිසමෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාව කෙරෙහි කොමිසම දක්වන අවධානය යාවත්කාලීන කිරීමට කටයුතු කළ යුතු බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස