19 වෙනි සංශෝධනය යටතේ රටට ස්වාධීන කොමිෂන් සභා 11ක් ඇති කළ බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.
එම කොමිෂන් සභා නිසා යහපාලන අවුරුදු හතරහමාර තුළ රටේ මංකොල්ලකෑම්, මිනි මැරුම් සහ ස්ත්‍රී දූෂණ අඩු වූ බව ද ඔහු පෙන්වා දෙයි.
20 වෙනි සංශෝධනය මගින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සහ කොමිෂන් සභාවල ස්වාධීනත්වය අහිමි කරන්නේ දැයි ආණ්ඩුවෙන් විමසන බව ද හෙතෙම පැවසීය.