19 අහෝසි කරන්නේ නෑ! සුළු වෙනස්කම් කරනවා! – වාසු

August 13, 2020 at 9:44 am | by emanisa.lk

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමක් මේ මොහොතේ සිදු නොකෙරෙනු ඇති බවත් තාවකාලික වෙනස්කම් කිහිපයක් පමණක් සිදුකෙරෙනු ඇති බවත් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

“ව්‍යවස්ථා සංශෝධනයක් එන්නෙ නෑ මං හිතන්නෙ. දැනට තාවකාලිකව අපට යම් යම් වෙනස්කම් කරගන්න වෙයි.

අලුත් ජනරජ ව්‍යවස්ථාවක් ඇති කිරීම තමයි බලාපොරොත්තුව කියලයි මම හිතන්නෙ. අපි කවුරුත් මේ ගැන තාම හරියට කතා කරලා එකඟත්වයකට ඇවිල්ලා නෑ.

මේ ඡන්ද ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කරමු. කොට්ඨාශ, අනුපාත මිශ්‍ර ක්‍රමයක් හදමු” යනුවෙනුයි ඔහු සඳහන් කළේය.

වාසුදේව නානායක්කාර මේ බව පැවසුවේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස