19 වන සංශෝධනය වහාම අහෝසි කළ යුතුයි! නමුත් ගෝඨාභය ජනාධිපතිතුමා කැමති නෑ!- බැසිල්

August 11, 2020 at 11:55 am | by emanisa.lk

පසුගිය ආණ්ඩුව බලාත්මක කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසි කළ යුතු බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි.

කෙසේ වුවද ඒ සමග 18 වන සංශෝධනය බලාත්මක වන බවත් එහි පවතින ජනතා ප්‍රසාදයට හේතු නොවූ විධායක ජනාධිපති ධුරය දෙවරකට වඩා දැරීමේ හැකියාව වැනි ඇතැම් සීමා ඉවත් කරගත යුතු බවත් ඔහු සඳහන් කළේය.

එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් වූයේ 19 වන සංශෝධනය යටතේ වසර 05කට හෙයින් 19 වන සංශෝධනය අහෝසි කිරීම සමග එය වසර 06ක් බවට පත්වන බව ද බැසිල් රාජපක්ෂ පෙන්වා දෙයි.

එහෙත් ජනාධිපතිවරයා ඊට එකඟ නොවන නිසා ඔහුගේ ධුර කාලය වසර 05 ලෙස නැවත සංශෝධනය කළ යුතු බව ද හෙතෙම අනාවරණය කරයි.

කෙසේ වුවද වරක් අණ්ඩ දැමූ මෙම ව්‍යවස්ථාව වෙනුවට රටට ඔබින නව ව්‍යවස්ථාවක් ගෙන නිර්මාණය කරගත යුතු බවත් ඒ සඳහා සියලු පාර්ශ්ව සම්බන්ධ කරගෙන එය කළ යුතු බවත් බැසිල් රාජපක්ෂ අවධාරණය කළේය.

ඊයේ (10) හිරු සලකුණට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස