මගේ පක්ෂය ත්‍රීවිල් පක්ෂයක් නෙමෙයි හරිම බලවත්! රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැව්වෙත් මමයි! වැඩිය දැඟලුවොත් තුන්වෙනි අපේක්ෂකයෙක් දානවා! – චතුර එජාපයට තග දමයි….

August 6, 2019 at 3:13 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්‍ෂය තම පක්ෂය හෑල්ලුවට ලක් කළහොත් තුන්වෙනි අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (05) අරලියගහ මන්දිරයේදී පැවැති එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදීය.

එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් සෙසු පක්ෂවලට ත්‍රීවිල් පක්ෂ යයි සිදුකරන චෝදනාවන්ට පිළිතුරු දෙමින් චතුර සේනාරත්න මේ බව සඳහන් කර තිබේ.

රාජපක්ෂ ආණ්ඩුව පෙරලා දැමීම සඳහා තම පක්ෂය පුරෝගාමී වැඩ කොටසක් කළ බවත් එය අමතක කළ යුතු නැති බවත් ඔහු සඳහන් කර ඇති අතර තම පක්‍ෂය ත්‍රීවිල් පක්ෂයක් නොවන බවත් වැඩිය දැඟලුවොත් තමන් තුන්වෙනි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවේ පවසා තිබේ.

ජාතික හෙළ උරුමයේ පාඨලි චම්පික රණවක පෙර සඳහන් කළ චෝදනාව පිළිබඳ අදහස් දක්වන විට නිහඬව සිටි එජාප මන්ත්‍රී පිරිස චතුර සේනාරත්න කතා කරන විට එය විවිධ ශබ්ද නඟමින් ද මුහුණින් විවිධ අභිණය පාමින් ද ඔහු උපහාසයට ලක් කළ බව ද වාර්තා වෙයි. ඔහු ප්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරයේ නායකයාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස