හෙද සංගමේ කැමති සෞඛ්‍ය අධ්‍යක්ෂ කෙනෙක් පත්කරනු! ඇමතිට බැරි නම් මම පත් කරන්න සූදානම්! – මුරුත්තෙට්ටුවේ හිමි…

October 29, 2020 at 11:14 am | by emanisa.lk

ජ්‍යෙෂ්ඨත්වය නොසලකා හැර කනිෂ්ඨ නිලධාරියකු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම වහා නිවැරැදි කරන්නැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය ඇමැතිවරියගෙන් ඊයේ (28) ලිඛිතව ඉල්ලීමක් කළේ ය.

එම සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිට ඉදිරිපත් කළ ලිපිය මගින් පෙන්වා දෙන්නේ මෙම පත් කිරීම මගින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පොට්ට කාසි බවට පත්වන බවය.

ආණ්ඩුව බලයට පත්වී ඉතා සුළු කාලයකදී අදාළ ඇමැතිවරිය නොදැන අමාත්‍යාංශ පාලනය කිරීමට යම් නිලධාරියකු උත්සාහ කරන්නේ නම් එම අමාත්‍යාංශයට ඇමැතිවරයකුගේ අවශ්‍යතාවක් නොමැති බවද එම ලිපියේ දැක්වේ.

මෙම වරද නිවැරැදි කිරීමට වහා කටයුතු කළ යුතු බවත්, ඒ ඇමැතිවරියට ක්‍රියාමාර්ගයක් ගැනීමට අපහසුතාවක් ඇත්නම් අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගැනීමට තමන් පසුබට නොවන බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ වැඩිදුරටත් සඳහන් කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස