මුරුත්තෙට්ටුවේ හිමිගෙන් ආණ්ඩුවට දොස් මුරයක්! මාධ්‍ය කැඳවා යහපාලන ඉරණම සිහිපත් කරයි!

September 4, 2020 at 9:57 am | by emanisa.lk

බහුතර ජනතා ඡන්දයෙන් බලයට පත් වූ ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අතිශය කණගාටු වන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

ඇතැම් ඇමතිවරුන් සාමාන්‍ය ජනතාවට තබා තමන්ටවත් හමුවිය නොහැකි තරම් කාර්යබහුල වී ඇති බව ආනන්ද හිමියෝ අවධාරණය කරති.

ඇතැම් නුසුදුසු පුද්ගලයන් තානාපති සේවයට පත්කර ඇති බවත් පසුගිය සමයේ මේ පුද්ගලයන් දක්නට නොසිටි බවත් එහිමියෝ පෙන්වා දෙති.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද හිමි,

‘සියලු දෙනාම නෙවෙයි සමහර ඇමතිවරු ඉන්නවා ෆෝන් එකවත් උස්සන්නෙ නෑ. මේක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ සැලැස්මට ගැලපෙන ඒවා නෙවෙයි. ඇමතිවරු හිතන්න ඕන ආණ්ඩුව පත්කළේ ජනතාව විසින්.

ඒ නිසා ඇමතිවරුන් කියන්නෙ ජනතාවගේ සේවකයො. ගොඩක් ඇමතිවරුන් හම්බවෙන්න තියා දුරකතනයෙන්වත් සම්බන්ධ කර ගන්න බෑ. අපි මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට අවධාරණය කරනවා.’

‘මහජන මතය කියන එක හැමදාම එක පැත්තටම තියන දෙයක් නෙවෙයි. ජනමතයට කන් දුන්නෙ නැත්තං යහපාලනේට වෙච්ච දේම තමයි ඔබටත් වෙන්නෙ කියලා අපි ඔය ඇමතිවරුන්ට කියනවා.’

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස