20 ගේනවා නම් මහ සංඝ රත්නයේ අනුමැතිය ගන්න! – මුරුත්තෙට්ටුවේ හිමි..

October 18, 2020 at 10:35 pm | by emanisa.lk

විසි වෙනි සංශෝධනය ගෙන නො එන්නේ නම් වඩා හොඳ බව නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

එහෙත් 20 ගෙන එන්නේ නම් මහා සංඝ රත්නයේ අනුමැතිය ගෙන එය ගෙන ආ යුතු බව එහිමියන් අවධාරණය කරයි.

මහා සංඝ රත්නයට එරෙහිව යමක් ගෙන එන්නේ නම් මහා සංඝ රත්නය ද ඊට පිළිතුරු දීමට සූදානම් බව ආනන්ද හිමි සඳහන් කරයි.

තමන් මැදිහත් වී ගොඩනැඟූ ආණ්ඩුව හෝ බලයට පත් කළ කිසිවෙකු බලයෙන් පහ කිරීමේ උවමනාවක් තමන්ට නැති බව ද උන් වහන්සේ වැඩි දුරටත් පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස