මගේ කල්‍යාණ මිත්‍ර රාජිත හොරෙක් නෙමේ කීවේ දිව පැටලිලා! රාජිත ධීවර සංස්ථාවේ කළ හොරකම් මම දන්නවා! – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි…. (video)

January 3, 2020 at 12:08 am | by emanisa.lk

රාජිත හොරෙක් නෙමේ යැයි තමන් වහන්සේ ප්‍රකාශ කළේ වැරදීමකින් බවත් සැබවින්ම එහිදී කීමට උවමනා වූයේ රාජිත හොරෙක් නම් ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්විය යුතු බව යැයි ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

ඔහු හොරෙක් නොවන බව කීමට තමන්ට නොහැකි බවත් ධීවර ඇමති සමයේ දී ඔහු කළ කී දෑ පිළිබඳ තමන් වහන්සේ දන්නා බව ද ආනන්ද හිමියන් අවධාරණය කළහ.

තමා රෝහලට ගොස් රාජිත සේනාරත්නට ඇප ලබා ගන්නා ආකාරය පිළිබඳ උපදෙස් ලබා දුන්නේ යැයි පැතිර යන කතාවල කිසිදු සත්‍යයක් නොමැති බවත් බන්ධනාගාර නිලධාරීන් ද ඉදිරියේ පිරිත් නූලක් බැඳ ආශීර්වාද කර පැමිණි බවත් බවත් එහිමියන් අනාවරණය කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස