රටට ඔබින ව්‍යවස්ථාවක් හදන්න ගෙවිඳුට විශාල කාර්යභාරයක් කරන්න පුළුවන්! – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

August 21, 2020 at 11:22 pm | by emanisa.lk

ගෙවිඳු කුමාරතුංග කිසිම අවස්ථාවක රටට අහිතකර කිසිවක් රට හමුවට ගෙන නොආ බවත් රටට නොකී බවත් කළ කී සියල්ල රටේ අනාගතය වෙනුවෙන්ම කළ බවත් නාරාහේන්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

ගෙවිඳු කුමාරතුංග පාර්ලිමේන්තුවට පත්කර යැවීම සඳහා ජනාධිපති අගමැති ඇතුළු ආණ්ඩුව ගත් තීන්දුව පිළිබඳ ස්තූතිවන්ත වන බවත් එය ඔහුට නොව මේ රටට කළ උපහාරයක් බවත් එහිමියෝ සඳහන් කළහ.

සියලු බාධක හමුවේ නොසැලී රට වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු රටට කළ මහාර්ඝ සේවය සමස්ත ජනතාවම අවිවාදයෙන් පිළිගන්නා බව ද එහිමියන් පෙන්වා දුන්හ.

රට වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් තැනීම සඳහා ජනතාව 2/3 ජනවරමක් ලබා දී ඇති බවත් එම ව්‍යවස්ථාව නිර්මාණය සඳහා විශාල කාර්යභාරයක් කිරීමේ හැකියාව ගෙවිඳු කුමාරතුංගට ඇති බව ද උන් වහන්සේ අවධාරණය කළහ.

යුතුකම ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, යුතුකම ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පස්කුවල් සහ යුතුකම ලේකම් මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ පසුගියදා ආනන්ද හිමි බැහැදැක ආශීර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ එහිමියන් මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස