ජනපතිගෙන් පොල් හිඟයට ස්ථිරසාර විසඳුමක්! හෙක්ටයාර් 50 000ක පොල් වවන්න නියෝග…!

October 15, 2020 at 8:05 am | by emanisa.lk

ගොවියාට ඉහළ මිලක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළෙඳපොළ නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

දිවයිනේ සියලු ප්‍රදේශවල කෘෂි අස්වනු අතරමැදියන්ගේ සම්බන්ධයක් නැතිව අළෙවි කිරිමේ පහසුව ගොවීන්ටම ඝෘජුව හිමිවන පසුබිම සැකසීමෙන් එය ආරම්භ කළ හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ජීවන වියදම් කමිටුව සමග අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව සියලු ප්‍රදේශ වෙත අඛණ්ඩව සැපයීමට ගතයුතු ක්‍රියාමාර්ග විධිමත් කිරීම කෙරෙහි ද මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අවධානය යොමු වී තිබේ.

පුරන්ව ඇති බවට ශ්‍රේණි ගතකර තිබෙන කුඹුරුවල කඩිනමින් පොල් වගා කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඒ අනුව හෙක්ටයාර් 50,000ක් අලුතින් පොල් වගා කිරීමට රජය ආරම්භ කර තිබේ.

එළවළු, පළතුරු, බිත්තර පාරිභෝගික අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීයව සපුරා ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් සැකසෙමින් පවතින බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මෙහි දී පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව පළතුරු, එළවළු සහ පොහොර දුම්රියෙන් ප්‍රවාහනය කිරීමට විශේෂ වැඩසටහනක් සැලසුම් කර ඇතැයි ද සඳහන් කෙරිණ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස