එළවළු මිල පහත බසී! කැරට් කිලෝව රු.100යි! බෝංචි රු. 200යි! අර්තාපල් රු. 160යි!

February 28, 2020 at 10:57 pm | by emanisa.lk

මාස කිහිපයක් තිස්සේ විශාල වශයෙන් ඉහළ ගොස් තිබූ එළවළු මිල ගණන් මේ වනවිට සැලකිය යුතු මට්ටමින් පහළ බැස තිබේ.

පිටකොටුව මැනිං වෙළෙඳ පොළේ අද (28) දිනයේ කැරට් කිලෝවක් අලෙවි වූයේ රුපියල් 100ක මිලකටය.

බෝංචි කිලෝව රුපියල් 200ක්, ලංකා අර්තාපල් කිලෝව රුපියල් 160ක්, රතුළුණු කිලෝව රුපියල් 300ක් සහ ලොකුළුණු කිලෝව 190 දක්වාද පහළ බැස ඇත.

නව අස්වනු වෙළෙඳපොළට ලැබීමත් සමග මෙම මිල ගණන් තව දුරටත් පහළ බසිනු ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස