එළවළු මිල ඉහළ යාමට විකල්පයක්! අර්තාපල් ආනයන බදු රු. 25කින් පහළට!

December 25, 2019 at 9:53 pm | by emanisa.lk

ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා පනවා තිබූ රු. 50ක් වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (25) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 25 දක්වා අඩු කිරීමට නියමිතය. එය අදාළ බද්ධ 50%කින් පහත දැමීමකි.

මේ දිනවල එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති නිසා ඊට විකල්පයක් ලෙස අර්තාපල් මිල් අඩු කිරීම සඳහා බදු පහත දැමූ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල පවසයි.

දේශීය අර්තාපල් අස්වනු වෙළඳපොළට ලැබෙන්නේ ලබන පෙබරවාරි මාසයේදී නිසා මෙම බදු සංශෝධනය දේශීය අර්තාපල් ගොවියාට ගැටළු සහගත නොවන බවද ලේකම්වරයා පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස