ජනතාව සූරා කන දඹුල්ලේ එළවළු මාෆියාව අවසන්! උතුර දකුණ යා කරන ආර්ථික මධ්‍යස්ථානයක් වව්නියාවට!

February 16, 2020 at 9:16 am | by emanisa.lk

උතුරින් දකුණට එන එළවළු අඩු මිලට ගෙන වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරම නතර කිරීම සඳහා වව්නියාව ප්‍රදේශයේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.

උතුරින් දෛනිකව එළවළු ලොරි දෙදහසකට ආසන්න ප්‍රමාණයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙයි. ඒවා අතරමැදියන් අඩු මිලට ගෙන පිටතින් පැමිණෙන ව්‍යාපාරිකයන්ට වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක් කාලයක සිට පවත්වාගෙන යයි. එම තත්ත්වය මත රටේම එළවළු මිල පාලනය දඹුල්ල කේන්ද්‍ර කරගෙන සිදුවන තත්ත්වයකට පත්ව ඇත.

එහෙත් පසුගිය රාජපක්ෂ පාලන කාලයේදී වව්නියාව කේන්ද්‍ර කරගෙන විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කළ අතර රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයා හා දෙමළ ජාතික සන්ධානය අතර ඇති මත ගැටුම මත එය වැළකී ගොස් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස