හරීන් කාවින්ද ගැටුම ගොඩින් බේරගනී! අද දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය හමුවක!

May 21, 2020 at 9:54 am | by emanisa.lk

පසුගිය සමයේ දැඩි ගැටුමකට මැදි වී සිටි සමග ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු සහ කාවින්ද ජයවර්ධන සමග කිරීමට පක්ෂ නායකයන් කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.

කාවින්ද ජයවර්ධනගේ යැයි කියන සමරිසි වීඩියෝවක් සමාජමාධ්‍ය ඔස්සේ බෙදා හැරීම පිළිබඳ සිද්ධියක් මේ සඳහා හේතු විය.

එය බෙදා හැර ඇත්තේ බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී මල්ෂා කුමාරතුංග බවට කාවින්ද ජයවර්ධන චෝදනා කළ අතර ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීමට හරීන් ප්‍රනාන්දුගේ ශැංගිලා හෝටලයේ පිහිටි සුඛෝපභෝගී නිවසට ගිය පොලිස් නිලධාරීන්ට හරීන් ප්‍රනාන්දු බාධා කළ බවට සහ තමන්ට මරණ තර්ජනය කළ බවට කාවින්ද ජයවර්ධන බස්නාහිර අපරාධ අංශයට ද පැමිණිලි කර තිබිණි.

කෙසේ වුවද පක්ෂ නායකත්වය දැඩි පරිශ්‍රමයක් දරා දෙපාර්ශ්වය සමගි කර ඇති අතර අද (21) දෙදෙනා සමග ජනබලවේග කාර්යාලයේ දී ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එකතු වීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස