කාවින්දගේ කියන වීඩියෝව මට ලැබුණේ කාවින්ද එක්ක එකට දේශපාලනය කරන හරීන්ගෙන්! ඉරාජ්

May 25, 2020 at 2:56 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ යැයි කියන සමලිංගික වීඩියෝව ගැන තමන්ගෙන් ද පොලිසිය විසින් ප්‍රශ්න කළ බව සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න පවසයි.

තමන්ට අදාළ වීඩියෝ ලැබුණු ආකාරය තමන් පොලීසිය වෙත හෙළිකර බවද ඔහු පැවසීය.

තමන්ට මෙම වීඩියෝව ලැබුණේ හිටපු ඇමති හරීන් ප‍්‍රනාන්දුගෙන් බවද ඔහු සඳහන් කළේය. එය එජාපයේ මන්ත්‍රීවරයෙකු යැයි පැවසුවද එය එජාපයට සාමාන්‍ය දෙයක් නිසා තමන් ඒ පිළිබඳ එතරම් තැකීමක් නොකළ බවද හෙතෙම පවසයි.

එහෙත් එකම පක්ෂයේ එකට දේශපාලනය කරන සිය දේශපාලන සගයන්ට පවා මෙවැනි කැත වැඩ කරන බවට ද ඉරාජ් චෝදනා කළේය.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් පොලීසියට අවශ්‍ය උපරිම සහාය ලබාදෙන බව ද කියා සිටී.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පල කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස