හමුදාවේ ඉන්නේ නියෝග පිළිපදින වහල්ලලු….! හමුදා පුහුණුවෙන් වහල් පරපුරක් බිහි වෙනවා….! – බාකිර් මාකර්…

January 20, 2021 at 6:03 pm | by emanisa.lk

වත්මන් ආණ්ඩුව මහජන නියෝජිතයන් සහ පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් බවට පත්කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් පවසයි.

අද (20) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

‘එහෙමයි, හොඳමයි’ කියා නියෝග පිළිපැදිය හැකි අනාගත පරපුරක් බිහිකිරීමේ අරමුණින් රටේ තරුණ පිරිස හමුදා පුහුණුවකට යටත් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

“මාර්ග අනතුරු වැඩි වෙලා තියෙනවලු. පාරේ ගමන් කිරීමේදී විනයක් නැති බවත් ඒ විනය හැදීමට තරුණයන්ට හමුදා පුහුණුව ලබා දිය යුතු බවත් දැන් ඇමතිවරයෙක් කියනවා. කිසි පදනමක් නැති ප්‍රකාශ තමයි මේ ඇමතිවරු කරන්නේ.

පාසල්වල බාලදක්ෂ ව්‍යාපාරය, ශිෂ්‍ය භට ව්‍යාපාරය, සහ තවත් සංගම් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් තිබෙනවා. මේවයින් තියෙන ක්‍රියාකාරීත්වය පැත්තකට දාලා වහල් මානසිකත්වයක් ඇති තරුණ පිරිසක් බිහි කරන්න තමයි මේ ආණ්ඩුව හදන්නේ.

තාර්කික බුද්ධියක් ඇති විචාරශීලී තරුණ පරපුරක් වෙනුවට යස් සර් කියලා නියෝග පිලිපදින පිරිසක් බිහි කිරීම ඔවුන්ගේ අරමුණයි.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස