හමුදාවෙන් එන්නත එපා කී TNA ජනතාව අන්දලා…! මන්ත්‍රී 07ක් රහසේ ම එන්නත විද ගෙන…!

March 3, 2021 at 10:34 am | by emanisa.lk

යුද හමුදා රෝහලක දී කොවිඩ් එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කර සිටි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් තිදෙනකු නාරාහේන්පිට යුද හමුදා රෝහලට ගොස් එම එන්නත් ලබාගෙන තිබේ.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් සහ රාසමානික්කම් චානක්‍යන් යන මන්ත්‍රීවරුන් මෙලෙස එන්නත් ලබා ගෙන තිබිණි.

එසේ ම එම සන්ධානයේ මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙයිකලනාදන්, චාල්ස් නිර්මලනාදන්, විනෝදන් නෝගරාගලිංගම් මන්නාරමේ කොවිඩ් එන්නත් මධ්‍යස්ථානවල දී ද හමුදාව තමන්ට විස එන්නත් කරාවිදැයි සැක නිසා හමුදා රෝහලක දී එන්නත් ලබා නොගන්නා බව කී මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් කිලිනොච්චිය රෝහලේ දී ද එන්නත තබාගෙන තිබුණි.

මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 125ක පමණ පිරිසක් එන්නත ලබාගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *