මෘතදේහ භූමදානයෙන් කොරෝනා බෝ වීමක් නෑ! මුස්ලිම් ජනතාවට වහාම ආදාහන අයිතිය දෙනු! – TNA

December 19, 2020 at 10:47 pm | by emanisa.lk

කොරෝනා නිසා මරණයට පත්වන මුස්ලිම් ජනතාවගේ මෘතදේහ පිළිබඳ අවසන් කටයුතු කරන ආකාරය පිළිබඳ තව දුරටත් පමා නොකර තීණ්දුවක් ගත යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

කොරෝනා මෘතදේහ භූමදානයෙන් කොරෝනා පැතිරීමේ අවධානමක් නැති බව සෞඛ්‍ය විශේෂඥයින්ගේ මතය වී ඇතැයි ද එම නිවේදනයෙහි දැක්වෙයි. ලොව පුරා කොරෝනා මරණ භූමදානය සාමාන්‍ය දෙයක් බවක් එමගින් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවත් ඔවුන් පවසයි.

එහෙයින් මුස්ලිම් නායකයින් සමග සාකච්ඡා කර වහාම ආණ්ඩුව තීරණයක් ගතයුතු බවත් මුස්ලිම් ජනතාවගේ ආගමික අයිතිය නොතකමින් ඔවුන්ගේ මෘතදේහ ආදාහනය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් එම සන්ධාන මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන්ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයෙහි වැඩි දුරටත් දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස