ආණ්ඩුව භූමදානයට ඉරණතිව් දූපත තෝරගත්තේ දෙමළ-මුස්ලිම් ගැටුමක් හදන්න…! – හකීම්…

March 2, 2021 at 5:01 pm | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන මුස්ලීම් ජාතිකයින්ගේ මෘතදේහ භුමිදානය සඳහා කිළිනොච්චිය ඉරණතිවු දුපත තෝරා ගැනීමේ තීරණය මගින් ජාතිවාදයක් ඇතිවිය හැකි යැයි ශ්‍රී ලංකා මුස්ලීම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ කොරෝනා වැළඳී මිය යන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය සඳහා කිළිනොච්චිය ඉරණතිවු දුපත තෝරා ගත් බවට අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දි කෙහෙළිය රඹුක්වැල්ල කළ දැනුම්දීම පිළිබඳව ප්‍රතිචාර දක්වමිනි.

හකීම් පෙන්වා දෙන්නේ මෙම තීරණය මගින් කොරෝනා මරණ භූමදානය සම්බන්ධයෙන් රජය මීට පෙර ගෙන තිබු ස්ථාවරය නිවැරදි යැයි පෙන්වීමට උත්සහ ගෙන ඇති බවයි.

දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් රජයේ මෙම තීරණය පිළිබඳව ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කිරීමේ අරමුණින් ආණ්ඩුව ඉරණතිව් දුපත නම් කර ඇති බවත් දෙමළ ජනතාව මේ සම්බන්ධයෙන් ඉතා අවබෝධයෙන් කටයුතු කළ යුතුව ඇති බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස