හමුදාපතිරවරයාට විරුද්ධව පාරට බහිනවා….! – හේෂා විතානගේ….

August 13, 2021 at 3:00 pm | by emanisa.lk

කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවශ්‍ය නිවැරදි දත්ත නිවැරදිව රටට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටින බව සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සඳහන් කරයි.

ජනතාව රවටමින් තව දුරටත් කටයුතු කළහොත් යුද හමුදාපතිවරයාට එරෙහිව පාරට බසින බව ද ඔහු කියා සිටියේය.

කොවිඩ් ව්‍යාප්තිය සහ මරණ ගැන සැබෑ තොරතුරු ජනතාවට පවසන ලෙස ඉල්ලා සිටි ඔහු රට වසා දමා ජනතාවට කන්න දෙන්න හැකියාවක් නොමැති නම් එය ද පවසන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද පැවසීය.

වසංගතය පාලනය දෙවියන්ට බාර දෙන බවට කෙහෙලිය රඹුක්වැල් අමාත්‍යවරයා පැවැසූ දේ සිදු කරන්න නම් ජනාධිපතිවරයෙකු ජනතාව විසින් තෝරා පත් කර ගත්තේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස