ජනතා ප්රතිවිරෝධය නිසා රනිල් පරාජය වුව ද ඔහුගේ ප්රතිපත්තිය පරාජය නොවූ බව සුනිල් හඳුන්නෙත්ති පවසයි.
රනිල්ටත් වඩා හොඳට ඔහුගේ ප්රතිපත්තිය වර්තමාන ආණ්ඩුව ක්රියාවට නඟන බව ද ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයා පෙන්වා දුන්නේ ය.
යහපාලන ආණ්ඩුව හම්බන්තොට වරාය චීනයට දුන් නිසා තමන්ට කොළඹ නැඟෙනහිර ජැටිය ඉන්දියාවට දීමට සිදුව ඇතැයි ආණ්ඩුව නිදහසට කරුණු කියන බව ද ඔහු සඳහන් කරයි.
එසේ පවසන්නේ නම් මේ පක්ෂ දෙක ම එක ම යැයි හඳුන්නෙත්ති පවසයි.