ජවිපෙ බුද්ධාගම වගේ! අපි හාමුදුරුවෝ වගේ! අපේ පාක්ෂිකයෝ දායක සභාව වගේ! – හඳුන්නෙත්ති…

July 3, 2020 at 8:27 am | by emanisa.lk

තම පක්‍ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ සංස්කෘතිය මෙරට බුද්ධාගමේ සංස්කෘතියට සමාන බව එම පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති පවසයි.

භික්‍ෂුන් වහන්සේලාට පන්සල හදා දීම, දානය දීම, සිවුරු දීම, පිරිකර පූජා කිරීම වැනි කටයුතු සිදු කළද එය කිසිවෙකුට ප‍්‍රශ්නයක් වන්නේ නැති බවත් ඔහු පවසයි.

ජනති විමුක්ති පෙරමුණද ඒ හා සමාන බවත් තමන් කරන්නේ ස්වෙච්චා සේවයක් බවත් හිටපු මන්ත‍්‍රීවරයා සඳහන් කලේය.

ඔහු මේ බව කියා සිටියේ ස්වාධීන රූපවාහිනියේ පැවති වැඩසටහනක් හා එක්වෙමිනි.

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් විසින් තමනට සියලු දේ ලබා දෙන බවට ඔවුන් විසින් කරන ලද ප‍්‍රකාශයක් ගැන විමසිමේදී ඔහු මෙම අදහස් පල කළේය.

https://www.facebook.com/184290218039/posts/10157785202078040/

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස