අපිට ඡන්ද නොදෙන්නේ අපේ වරදක් නිසා නෙමෙයි! හඳුන් නෑ කියලා ජනතාව අඬනවා! – හඳුන්නෙත්ති

August 15, 2020 at 11:28 am | by emanisa.lk

තමා පරාජයට පත් වූයේ ජාතික ජන බලවේගයේ අඩුවක් නිසා නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

මේ වන විට තමන්ට ඡන්දේ නොදුන් අය ද මාළිමාවෙන් පාර්ලිමේන්තුවේ හොඳ නියෝජනයක් නැතැයි දුක්වන බව ද ඔහු පෙන්වා දෙයි.

හඳුන්නෙත්ති පැරදුණේ ඇයි දැයි විමසා දුක්වන බොහෝ දෙනා ජාතික ජන බලවේගයට ඡන්දේ දුන් අය නොවන බව ද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ජාතික ජන බලවේගයට ඡන්දය දුන් අයට දුක්වීමට දෙයක් නැති බවත් මෙම පරාජය තමන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් නොවන බවත් සුනිල් හඳුන්නෙත්ති පවසයි.

පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *