ආරක්ෂාව මදී! හදිසි නීතිය දීර්ඝ කෙරේ…

May 22, 2019 at 3:48 pm | by admin

හදිසි නීතිය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය අද(22) නිකුත් විය. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සමග අප්‍රේල් 22 වෙනිදා පැනවූ හදිසි නීතිය අදින් අවසන් වෙයි.

ඒ නිසා මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවැනි වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බලතල අනුව එම ආඥා පනතේ දෙවැනි කොටසේ විධි විධාන අද සිට ශ්‍රී ලංකාව මුළුල්ලේම ක්‍රියාත්මක විය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මේ අනුව අද සිට මාසයක කාලයක් හදිසි නීතිය බලාත්මක කළ හැකි අතර මසකින් නැවත අවශ්‍ය නම් හදිසි නීතිය පැනවිය හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස