මහජන මුදල් රු. ලක්ෂ 80 000ක් වියදම් කරල සෙලනිකා ගහක් රකිනව ද කියල ජනතාව තීන්දු කළ යුතුයි…! – ලංසා…

March 6, 2021 at 9:38 am | by emanisa.lk

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී මතභේදයට තුඩු දී ඇති කෘඩියා සිලනිකා ගස එම ස්ථානයේම තබා සැලසුම වෙනස් කිරීමට ලක්ෂ 80,000ක් පමණ වැය වන බවත් මේ ජනතාවගේ බදු මුදල් නිසා ඒ සඳහා ගතයුතු ක‍්‍රියාමාර්ගය පිළිබඳව ජනතාව තීන්දු කළ යුතු බවත් ග‍්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා පවසයි.

ඔහු මෙම අදහස් පළ කර සිටියේ 04 වැනිදා අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.

“මධ්‍යම අධිවේගී මාර්ගය හදාගෙන යද්දී දුර්ලභ කෘඩියා සිලනිකා නම් ගස හමුවුණා. රටේ ජනතාව ඉල්ලනවා ගහ ආරක්ෂා කරන්න කියලා. ජනතාවට ඇහුම්කන් දීලා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්න කැබිනට් ඇමැතිතුමා, අපි සියලු දෙනා කටයුතු කරනවා. මේ මහ ජනතාවගේ මුදල්. මේ සැලැස්ම වෙනස් කිරීම කළහොත් බිලියන අටක් ජනතාවගේ මුදල් වැය වෙනවා.

මේ ගහ ගලවලා වෙනත් තැනක සිටුවන්න පුළුවන් කියලා පරිසර සංවිධාන එක් වෙලා කියලා තියෙනවා. නමුත් අපට ඒ කටයුත්ත කරන්න බැහැ. ඒ ගස හොල්ලන්න එපා කියලා විශාල සමාජ මතයක් තියෙනවා. එහෙම නම් ලක්ෂ 80,000ක් වියදම් කරලා සැලැස්ම වෙනස් කරන්න අපට සිදු වෙනවා. මේ ජනතාවගේ සල්ලි නිසා ජනතාව තීන්දු කරන්න ඕනෑ මොකක්ද කරන ඕනෑ කියලා. ගස එහෙම්ම තියලා සැලැස්ම වෙනස් කරන්න අපි මේ වන විට සාකච්ඡා කරගෙන යනවා. ඒ පිළිබඳව අවසන් තීන්දුවක් තවම අරගෙන නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස