69 ලක්ෂෙ මෝඩ බයියෝ පණු කරඳ ගහේ වටිනාකම දන්නෑ…! කොඩිවැල් දාලා ‘අපල දුරුවේවා’ කියල වැන්දා නම් බයියෝ ගහට අත තියන්නේ නෑ…! – හිරුණිකා….

February 13, 2021 at 10:40 pm | by emanisa.lk

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා කපා දැමීමට නියමිතව පැවැති පණු කරඳ ගහ රැක ගැනීම සඳහා ඉදිරිපත් වූ ජීවනි ජයතිලකට සහ සිරස මාධ්‍ය ජාලයට ස්තූතිවන්ත වන බව සමගි ජන බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

දියුණු රටවල එක ගහ පවා ආරක්ෂා කරගෙන මාර්ග සාදා ඇති ආකාරය තමා පින්තූරවලින් ද දැක ඇතැයි ඇය සඳහන් කළා ය.

මෙලෙස පරිසරයට සහ ගහවැලට වෛර කරන ආණ්ඩුවක් සහ නායකයෙක් තමා කිසි දිනක දැක නැතැයි ද ඇය ප්‍රකාශ කළ අතර ගම සමඟ පිළිසඳරෙහි ජනතාවට සියලු ප්‍රශ්න ඇත්තේ පරිසරය සමඟ වීම පුදුම සහගත බව ද පෙන්වා දුන්නා ය.

පණු කරඳ ගහ පාමුළ පහන් දල්වා “අහවලගේ අපල දුරුවේවා!” කියා රතු කහ කොඩිවැල් ටිකක් එල්ලා පඬුරු කිහිපයක් බැන්දේ නම් බයියන් කිසිම දිනක එම ගස නොකපන බව ද හිරුණිකා අවධාරණය කළා ය.

පණු කරඳ ගහේ විද්‍යාත්මක අගය 69 ලක්ෂයක් මෝඩයින්ට වැඩක් නැති බවත් එවැනි කරුණු තේරුම් ගැනීමට තරම් ඉහළ මානසික මට්ටමක් එම ඡන්දදායකයින්ට නොමැති බවත් ඇය වැඩි දුරටක් කීවා ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *