හිටපු ජනපති මෛත්‍රී පණු කරඳ ගහ වැඳපුදා ගනී…..! පණු කරඳ ගහ පූජා වස්තුවක් බවත් කියයි….!

February 14, 2021 at 11:18 pm | by emanisa.lk

පණු කරඳ ශාඛය පාරිසරික වශයෙන් ඉතා ම වැදගත් වන බවත් ඒ පිළිබඳ පරිසරය සම්බන්ධ සියලු රාජ්‍ය නිලධාරීන්ගේ මෙන් ම දේශපාලකයින්ගේ ද අවධානය යොමුව ඇති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

පසුගිය දා මහා සංඝරත්නය මෙම පණු කරඳ ගස මහණ කළ බවත් එහෙයින් මෙය පූජා වස්තුවක් ලෙස සැලකිය යුතු බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

පරිසරය සුරකින පිරිසක් ලෙස මෙම වෘක්ෂය රැක ගැනීමට ආණ්ඩුව විධිමත් වැඩපිළිවෙළක් යොදනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

අද (14) මධ්‍යම අධිවේගී මාර්ගය වැටී ඇති භූමියෙහි පිහිටි පණු කරඳ ගස දැකබලා ගැනීමට පැමිණ එය වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව ප්‍රකාශ කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *