සුවපති අඬබෙර ගසා අඩු කළ වෛද්‍ය උපාංග මිල සද්ද නැතිව වැඩි කරයි!

March 18, 2019 at 5:04 pm | by admin

2005 අංක 5 දරන ඖෂධ නියාමන අධිකාරිය පනතේ 118 වන වගන්තියට අනුව සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලබන නියෝගයන් ප්‍රකාරව තෝරාගත් වෛද්‍ය උපකරණ කිහිපයක උපරිම සිල්ලර මිල ඉහළ දමා තිබේ.

මේ අනුව රුධිර ග්ලූකෝස් මාපකයක උපරිම සිල්ලිර මිල රු. 2,750 සිට රු. 3,150 දක්වා සහ රුධිර ග්ලූකෝස් මාපකවල භාවිතා කරන පරීක්ෂණ තීරුවක උපරිම සිල්ලර මිල රු. 50 සිට රු. 57 ක් දක්වා ඉහළ දමා තිබේ.

මීට අමතරව ලෝහමය වටනේය (Bare Metal Stent) උපරිම සිල්ලර මිල රු. 24,000 සිට රු. 27,450 දක්වා සහ ඖෂධ මුදා හරින වටනේය (Drug Eluting Stent) උපරිම සිල්ලර මිල රු. 105,000 සිට රු. 120,000 දක්වා වැඩි කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස