සුදුවෑන් නාටකේ රාජිතට පාරාවළල්ලක් වෙයි! නීතිපතිගෙන් මහාධිකරණයට නඩුවක්!

May 28, 2020 at 10:40 am | by emanisa.lk

පසුගිය ජනාධිපතිරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්නට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරණ බව නීතිපතිවරයා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (27) දැනුම් දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ වෙත වාචිකව මේ බව දන්වා සිටියේය. සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධියේ නිර්මාණකරු වන සැකකාර රාජිත සේනාරත්නට එරෙහිව නීතිපතිවරයා තව නොබෝ දිනකින් මහාධිකාරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනු කරන බව ප්‍රකාශ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, ඊට අදාළ කටයුතු මේ දිනවල සිදුකරමින් සිටින බවද සඳහන් කළේය.

සැකකාර රාජිත සේනාරත්න ලබන ජුනි මස 10 වැනි දින තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝග කළේය.

රාජිත සේනාරත්න පාර්ශ්වයෙන් සුදුවෑන් මාධ්‍ය හමුව සඳහා තමන්ට ලක්ෂ 20 බැගින් ලැබුණ බවත් ඇමරිකානු තානාපති කාර්යාලයේ රැකියා හෝ පවුලටම ඇමරිකාවේ පදිංචිය ලබා දෙන බවට පොරොන්දු වූ බව එහි පළමු දෙවන සැකකරුවන් පාපෝච්චාරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස