සුදුවෑන් නඩුවේ රාජිතට ඇප!

June 10, 2020 at 10:35 am | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේදී ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ජාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හැරිමට අධිකරණය විසින් නියෝග කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ විසින් නියෝග කලේ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත හිටපු ඇමතිවරයා මුදා හරින ලෙසය.

දඬුවමක් වශයෙන් පුද්ගලයෙකු රිමාන්ඩ් භාරයේ රඳවා තබාගෙන සිටීම සුදුසු නොවන බව සලකා හිටපු ඇමතිවරයා ඇප මත නිදහස් කිරීමට නියෝග කරන බවයි අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස