එක්සත් ජාතික පක්ෂයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන නම් කිරීමට එජාප නායකයා තීරණය කර ඇති බව එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත ඒ සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට ද පක්ෂ නායකත්වය සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මීළඟ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ඒ සඳහා අනුමැතිය හිමිවනු ඇති බව ද පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. රුවන් විජේවර්ධන රනිල් වික්‍රමසිංහගේ සමීපතම ඥාතියෙකි.