සිංහයන්ට තෙවන තරඟයෙන් ලකුණු 122 දැවැන්ත ජයක්! නුවන් කුලසේකරට ජයග්‍රාහීව සමුදෙයි!

July 31, 2019 at 10:29 pm | by emanisa.lk

ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය පරදවා තුන්වන සහ අවසාන එක්දින තරඟයෙන් ලකුණු 122ක ජයක් වාර්තා කළේය.

දිවා රාත්‍රී තරඟයක් ලෙස එය පැවැත්වූයේ කොළඹ ඛෙත්තාරාම පිටියේය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව කඩුලු 8ක් දැවී 294කි. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 87ක් ද කුසල් මෙන්ඩිස් ලකුණු 54ක් ද ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් පන්දු වාර 36ක් තුළ ලකුණු 172කට දැවී ගියේය. තරඟයේ මෙන්ම තරඟාවලියේ ද වීරයා ඇන්ජලෝ මැතිව්ස්ය.

මෙම තරඟය හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් කුලසේකර වෙනුවෙන් නම් කර තිබිණි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ ආකාරයට සම්පූර්ණ එක්දින තරඟාවලියක් ජයගත්තේ වසර හතරකට පමණ පසුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස