සායනික වාර්තා ලැබෙන තුරු ඖෂධය විවේචනය කරන්න එපා..! – ධම්මික බණ්ඩාර වෙද මහතාගෙන් ඉල්ලීමක්…

January 21, 2021 at 2:51 pm | by emanisa.lk

සායනික පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තුරු කොවිඩ් වෛරසයට එරෙහිව තමා නිෂ්පාදනය කළ දේශීය ඖෂධය විවේචනය කිරීමෙන් වළකින ලෙස කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා ඉල්ලා සිටියි.

කෑගල්ලේ දී අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

අද ඔහු විසින් නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුව තමා නිපද වූ ඖෂධ බෝතල් 5000ක් නොමිලේ බෙදාදීමට ද පියවර ගත්තේ ය.

ඒ කෑගල්ල උඩුකුඹුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී ය.

පොලිස් නිලධාරීන් ද ආරක්ෂාව සඳහා එම ස්ථානයේ යොදවා තිබුණි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස