සාධාරණ කරූගෙන් 20ට එරෙහිව අන්තර්ජාල පෙත්සමක්!

October 18, 2020 at 9:30 am | by emanisa.lk

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් 20 වෙනි සංශෝධනයට එරෙහිව අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට සැලසුම් කර තිබේ.

රටක් ලෙස දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ ජනතාවගේ නිදහස 20 වෙනි සංශෝධනය නිසා බරපතළ ලෙස උල්ලංඝනය වන බව නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ ලේකම් පාලිත ලිහිණි කුමාර පවසයි.

මෙම පෙත්සම අත්සන් කිරීමේ කටයුතු ඔක්තෝබර් 19 වෙනිදා උදෑසන 9.30ට කොළඹ 05, ජානකි හෝටලයේ දී ආරම්භ කිරීමට නියමිතය. මේ අවස්ථාවට දේශපාලන සහ ආගමික නායකයන් මෙන් ම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ද එකතු වීමට නියමිතය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති ධුරය දරන්නේ හිටපු කතානායක කරූ ජයසූරියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස