සයින්දමරදුවලට වෙනම කලාපයක් දුන්නේ දෙමළ මුස්ලිම් ජනතාව කොටවන්න! – හඳුන්නෙත්ති

February 17, 2020 at 7:28 am | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණ සමයේ රාජපක්ෂ කඳවුර රට ජාතිය ආගම අනතුරේ යැයි කියමින් ජාතිවාදය වැපිරූ බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

එසේම සයින්දමරදුවලට ගොස් වෙනම නගර සභාවක් වෙනම කලාපයක් දෙන්නේ යැයි එහි ජනතාවට පොරොන්දු වූ බවත් ඒවා දකුණේ අය නොදන්නා බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මේ ආකාරයට වෙනම කලාපයක් දෙන්නේ එහි වාසය කරන මුස්ලිම් දෙමළ ජනතාව භේදකර ජාතිවාදය වැපිරීම සඳහා බවත් ඔහු පවසයි.

මාතර පැවති ජාතික ජනබලවේගයේ ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස