කල්මුණේ නගර සභාව කැඩේ! සයින්දමරදුවලට නගර සභාවක්! කල්මුණේ උතුරට ප්‍රාදේශීය ලේකම් ලේකම් කාර්යලායක්!

February 15, 2020 at 1:17 pm | by emanisa.lk

කල්මුණේ නගර සභාව යටතේ පවතින සයින්දමරදු බල ප්‍රදේශයේ නව නගර සභාවක් පිහිටුවීම සඳහා පියවර ගන්නා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇති අතර ඒ සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

නැගෙනහිර පලාත් රාජ්‍ය නිලධාරීන් සහ මහජන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවක දී අගමැතිවරයා මෙම උපදේශය ලබාදී තිබේ.

සයින්දමරදු බල ප්‍රදේශයේ ජනතාව මුහුණදුන් දුෂ්කරතා සහ බාධා ඉවත් කිරීම සඳහා එම බල ප්‍රදේශයේ නගර සභාව පිහිටුවීමට තීරණය කර ඇත. ඔවුන්ට දැන් කල්මුණේ වෙත නොගොස් සිය එදිනෙනා අවශ්‍යතා සිය නගර සභාව මගින් සපුරාගත හැකිය.

එසේම පසුගිය එල්ටීටීඊ ත්‍රස්තවාදී සමයේදී නැඟෙනහිර ප්‍රදේශයේ ජනතාවගේ සේවා අවශ්‍යතා මත පිහිටුවා තිබූ අම්පාර කල්මුණේ උතුර ප්‍රාදේශීය උප කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලෙස උසස් කිරීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමටත් එම නිර්දේශ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටුවීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ උපදෙස් දී තිබේ.

කල්මුණේ උතුරේ වෙසෙන දෙමළ ජනතාව කාලයක් තිස්සේ මෙම ඉල්ලීම සිදු කළේය. කල්මුණේ ප්‍රාදේශීය සභාව පිහිටුවන බවට පොරොන්දු වී එජාපය අයවැය සඳහා දෙමළ සන්ධානයේ ඡන්ද ලබා ගත්ත ද මුස්ලිම් නායකයන්ගේ විරෝධය නිසා එය ඉටු කළේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස