සජිත් පරදින බව දැනගෙන හිටියේ! සියලු සමීක්ෂණවල ගෝඨා ඉදිරියෙන් හිටියා! – රනිල්

December 14, 2019 at 10:02 pm | by emanisa.lk

ජනාධිපතිවරණයට පෙර සිදුකළ සමීක්ෂණ හතරේම සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සිටියේ පසුපසින් බවත් ගෝඨාභය රාජපක්ෂ ඉදිරියෙන් සිටි බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

කොළඹට පසු අම්පාරට යන තුරු ගාල්ල හැරුණු විට කිසිදු ආසනයක් සිය පක්ෂය ජයනොගත් බවත් ඔහු සඳහන් කළේය.

එළඹෙන මැතිවරණයේ දී එජාපයට ආසන 50කට වඩා ලබාගත නොහැකි බව සමහරු පැවසුව ද මොළයෙන් වැඩ කළහොත් එය ආසන 113 දක්වා ඉහළ නංවාගත හැකි බව ද සඳහන් කළේය.

අද (14) ගාල්ල උළුවිටිකේ ප්‍රදේශයේ එජාප පාක්ෂික හමුවක දී ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස