සමගි බලේ නායකත්වය සජිත්ට….! සභාපති ෆොන්සේකා…! මහ ලේකම් රංජිත්..! පාඨලීට සාමාජිකත්වය….!

January 25, 2021 at 3:08 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ අද (25) පැවැති පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී පක්ෂ නායකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා පත් වී තිබේ.

පක්ෂයේ සභාපතිවරයා වශයෙන් තේරී පත්වී ඇත්තේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාය.

ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් 8 දෙනකු පත්වී ඇති අතර ඒ කබීර් හෂීම්, බාකිර් මාකර්, ලක්ෂ්මන් කිරිඇල්ල, රවී සමරවීර, කුමාර වෙල්ගම, සහ රාජිත සේනාරත්න ය.

පක්ෂයේ මහ ලේකම් වශයෛන් රංජිත් මද්දුමබණ්ඩාර තේරී පත්ව ඇති අතර නියෝජ්‍ය මහ ලේකම් ධුරයට නලින් බණ්ඩාර තේරී පත්වී ඇත.

පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස හර්ෂද සිල්වා තේරී පත්ව ඇති අතර පක්ෂයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස අජිත් පී. පෙරේරා පත්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස