සඳුදා රට විවෘත කරන්න සියල්ල සූදානම්! 3000ක් දුම්රියෙන් කොළඹට! නිරෝධායන නීති අඩංගු ගැසට්ටුව හෙට!

May 8, 2020 at 10:11 am | by emanisa.lk

ලබන 11 වැනිදා සාමාන්‍ය කටයුතු සඳහා රට විවෘත කිරීමට අදාළ නව තීන්දු තීරණ ඇතුළත් ගැසට් නිවේදනයක් හෙට (09) නිකුත් කිරීමට නියමිතය.

මෙම තීරණ ගැනීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08) පැවැත්වෙන අතර ඒ සඳහා ආරක්ෂක හා සෞඛ්‍ය අංශවල නියෝජිතයන් මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුද සහභාගි වෙති. එම සාකච්ඡාවෙන් පසු නිරෝධායන නීතිරීති අනුව ගැසට් නිවේදනය නිකුත් කෙරෙන අතර එය කඩකරන්නන් සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කෙරෙන බවද පොලිසිය පවසයි.

සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා ද ආරම්භ කෙරේ. රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි සේවකයෝ තුන්දහසක් පමණ ලබන සඳුදා කොළඹ පැමිණීම සඳහා මේ වන විටත් දුම්රිය ආසන වෙන් කරගෙන සිටිති.

එදිනට ගමන් කළ හැකි වන්නේ ආසන වෙන් කර ගත් වාර ප්‍රවේශ පත්‍ර හිමි මගීන්ට පමණක් වන අතර ඔවුන්ට වෙන් කර ඇති දුම්රිය මැදිරිය, නියමිත ආසනය පිළිබඳ තොරතුරු එස්.එම්.එස්. පණිවුඩයකින් ජංගම දුරකථනයට ලැබෙන්නට සැලැස්වෙන අතර මගීන් දුම්රියට ගොඩ වීමට පෙර එම පණිවුඩය සෑම දුම්රිය ස්ථානයකදීම පරීක්ෂා කරනු ලැබේ.

දුම්රිය මැදිරියකට ඇතුළු විය හැකි වන්නේ පනහක් වැනි සීමිත පිරිසකට පමණක් වන අතර තමන්ට වෙන් කර ඇති මැදිරියේ අදාළ ආසනය හැර වෙනත් ආසනවල අසුන් ගැනීම මගීන්ට තහනම් බවත් ඒ පිළිබඳ සොයා බැලීම සඳහා දුම්රිය ආරක්ෂකයන් සෑම මැදිරියකට ම යොදවන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසයි. මීට අමතරව ආසන වෙන් කරගෙන නොමැති මගීන් ගොඩවීම වැළැක්වීම සඳහා යුද හමුදා සාමාජිකයන්ද සෑම මැදිරියකටම යෙදවීමටද දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. නියමිත මගීන් සංඛ්‍යාව සම්පූර්ණ වන දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා අදාළ දුම්රිය ශීඝ්‍රගාමී කිරීමට ද අවධානය යොමු කරන බවත් වාණිජ අධිකාරීවරයා කීවේය.

මගීන් සියලු දෙනා මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වන අතර එදින රජකාරි අවසන් වීමෙන් පසු යළි ගමන් කීරිමේදී වෙන් කළ ආසනය හැර වෙනත් ආසනවල අසුන් ගැනීම තහනම් බවත් සාමාන්‍යාධිකාරීවරයා පවසයි.

aruna

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස