සජිත්ගේ සමගි බලේ අසමගිය උග්‍ර වෙයි! මනෝ ගනේෂනුත් සජිත්ට එරෙහි වෙයි?

June 16, 2020 at 8:20 am | by emanisa.lk

සමගි ජනබලවේගයේ අපේක්ෂකයන් සහ පක්ෂ නායකත්වය අතර ඇති ගැටුම තවදුරටත් උත්සන්න වෙමින් පවතින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා ලැබී තිබෙන දෙමළ හිටපු අමාත්‍යවරයෙක් දැනටමත් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයට තමා එකඟ නැති බව පවසා තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය තනිවම ආරම්භ කොට ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මැතිවරණ කටයුතුවලින් ඉවත්වීමට හේතුව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් මංගල සමරවීරට දේශපාලන වේදිකාවේ කතා කළ යුතු ආකාරය සහ දේශපාලනයේදී හැසිරිය යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබාදීම නිසා ඇති වූ මත ගැටුමක් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මීට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ අපේක්ෂක ලැයිස්තුවේ එකම කුලයට අයත් තිදෙනෙක් ඇතුළත් වී සිටින නිසා සෙසු අපේක්ෂකයන් මැතිවරණ සටනින් ඉවත්වීමේ සූදානමක් ඇති බවද වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස