සජිත්ගේ සමගි බලේ තවත් පළුවක් ගැළවෙයි! නාමයෝජනා දුන් හිටපු මන්ත්‍රීවරු ඇතුළු 10ක් පනී!

June 14, 2020 at 11:01 am | by emanisa.lk

එළඹෙන මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ලබාදී ඇති ප්‍රබලයන් දහයකට වැඩි පිරිසක් ඉදිරියේදී එම කණ්ඩායමින් ඉවත් වීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක්ද සිටින බව වාර්තා වේ.

ඉදිරි ජයග්‍රහණය ගැන පවතින අවිනිශ්චිත හෙයින් මැතිවරණය සඳහා මුදල් වියදම් කිරීමෙන් පළක් නොවන නිසා ඉන් වැඩි පිරිසක් මෙසේ ඉවත් වීමට තීරණය කර තිබේ. තවත් පිරිසක් නායකත්වය පිළිබඳ කලකිරී එම තීරණය ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඊට අමතරව සමගි ජන බලවේගයේ අපේක්ෂා කළ තනතුරු නොලැබීමත්, ආසන හා බල මණ්ඩලවල තනතුරු නොලැබූවන් පිරිසක් ද මෙසේ ඉවත් වීමට නියමිතය.

පසුගිය සතියේ අපේක්ෂකයන්ගේ මනාප අංක ලබා දීමෙන් පසුව ජාතික සමගි බලවේගයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක මංගල සමරවීර හා ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ බෙනට් ප්‍රනාන්දු හා රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායක යන අයද මැතිවරණ තරගයෙන් ඉවත් වූහ.

aruna

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස