සජිත්ගේ සමගි බලේ දිගටම නාය යයි! හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායකත් ඉල්ලා අස්වෙයි!

June 12, 2020 at 12:15 am | by emanisa.lk

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික්ක මැතිවරණ අපේක්ෂිකා නිලූකා ඒකනායක එළඹෙන මැතිවරණයට තරඟ නොකරන බව දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වෙත ලිපියක් යොමු කරමින් නිලූකා ඒකනායක මේ බව දැනුම් දී තිබේ.

නිලූකා ඒකනායක ජ්‍යෙතිෂවේදිනියක ලෙස ප්‍රකට අතර පසුගිය යහපාලන ආණ්ඩු සමයේ මධ්‍යම පළාත් සහ සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය ලෙස ද කටයුතු කළාය.

මෙයට පෙර සමගි ජනබලවේගයේ මාතර කණ්ඩායම් නායක මංගල සමරවීර ද ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායමේ ඩෙනට් පනියන්දුවගේ ද ඉල්ලා අස්විය. අනතුරුව පනියන්දූවගේ අගමැති මහින්ද රාජපක්ෂ හමු වී ආණ්ඩුවට සිය සහාය පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *