මට වැටුප් දීමනා වාහන කිසිවක් එපා! මගේ ධනයෙන් රට ආකර්ෂණීය ගමනාන්තයක් කරනවා! – ඉරාජ්

January 16, 2020 at 2:55 pm | by emanisa.lk

තමන් සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂක ධූරයක් භාරගන්නා ලද්දේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීම මත බව ජනප්‍රිය සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න පවසයි.

මෙම තනතුර බාර ගත්තද රජයේ කිසිදු වාහනයක්, දීමනාවක් හෝ වැටුපක් තමන් ලබා නොගන්නා බව ද ඔහු පවසයි.

තම ධනය ශ්‍රමය කාලය වැය කරමින් ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් කිරීමට කිරීමට හැකි උපරිමයෙන් කැප වන බව ද ඔහු සඳහන් කළේය.

ඒ සඳහා තමන්ට හැකි පමණින් උදව් උපකාර කරන ලෙස සිය සමාජ ජාලා මිතුරු මිතුරියන්ගෙන් ඉල්ලා සිටින බව ද සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් සටහන් කරමින් ඔහු ඉල්ලයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස