සංචාරකයන්ට රට ඇරෙන විට සුපිරි ආයෝජනයක් අලුත් සංචාරක ස්ථාන 2600ක් සූදානම්!

August 25, 2020 at 8:49 am | by emanisa.lk

සංචාරක කර්මාන්තය සඳහා මෙතෙක් යොදානොගත්, එහෙත් සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ස්ථාන 2,600ක් අලුතින් හඳුනාගෙන තිබේ.

ඒවා කඩිනමින් සංවර්ධනය කිරීම සඳහා දැනටමත් පියවර ගෙන ඇති බව විෂය භාර අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ ගුවන් තොටුපල විවෘත කර සංචාරකයින් මෙරටට පැමිණෙන අවස්ථාව වන වඅට මෙම ස්ථාන 2,600 සංචාරක ස්ථාන ලෙස සංවර්ධනය කරන බවයි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල තුලින් එක්වර මෙරටට වැඩි සංචාරකයින් පිරිසකට පැමිණිමට හැකි පරිදි එහි සිදුකරන සංවර්ධන කටයුතු ද පුළුල් කරන බව මෙහිදී ප‍්‍රකාශ විය.

අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග වැඩි දුරටත් පැවසුවේ ඉදිරියේදී මෙරට තුල ඇති වෙනත් ගුවන් තොටුපලද සංවර්ධනය කිරීම සඳහා පියවර ගෙන ඇති බවයි.

මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් රැකියා අහිමි වී ඇති සංචාරක ක්ෂේත‍්‍රයේ සේවක සේවිකාවන්ට වැටුප් ගෙවීම සඳහා සියලු සංචාරක හෝටල් හා සංචාරක නියෝජිත ආයතන වෙත සියයට 4ක සහන පොලියක් යටතේ ණය මුදලක් ලබා දීම කඩිනම් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.

එමෙන්ම සංචාරක සහන පැකේජය ලබාදීමේදී මතුව ඇති ප‍්‍රායෝගික ගැටලු සඳහාද කඩිනමින් විසඳුම් ලබා දෙන බව සංචාරක අමාත්‍යංශය පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස