සංචරණ සීමා ගැටලු වහා නිරාකරණයට දිස්ත්‍රික් මධ්‍යස්ථාන 25ක්…! දිස්ත්‍රික් මධ්‍යස්ථානයෙන් නොවිසඳෙන ගැටලු එසැණින් කොළඹ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට…! දුරකතන අංක සහ නිලධාරී නාමාවලිය මෙන්න….!

May 15, 2021 at 9:12 am | by emanisa.lk

සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුළ දී මුහුණ පෑමට සිදුවන ගැටලු නිරාකරණය සඳහා රජය විසින් සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක ම දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන පිහිටුවා ඇත.

ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති, බැසිල් රාජපක්ෂගේ උපදෙස් පරිදි මෙම හදිසි ඇමතුම් මධ්‍යස්ථාන පිහිටුවා ඇත.

එම දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන අරලියගහ මන්දිරයේ පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය සමග සම්බන්ධ කර ඇති අතර ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය අග්‍රාමාත්‍ය ලේකම්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

මේ අනුව ජනතාවට යම් ගැටලුවක් ඇත්නම්, ඔහු පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීමෙන් විසඳා ගත හැකි ය.

එම දිස්ත්‍රික් මධ්‍යස්ථානවල නිලධාරීන්ට එම ගැටලුව විසඳිය නොහැකි වන අවස්ථාවල දී එම නිලධාරීන්ට ජනාධිපති කාර්යසාධන බලකායේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයට දැන්වීමෙන් එය විසඳා ගැනීමට අවස්ථාව සලසා ඇත.

එක් එක් දිස්ත්‍රික්කවල පිහිටුවා ඇති දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත වන අතර, ඔවුන්ගේ කාර්යාලයීය හා ජංගම දුරකකතන අංක පහත දක්වා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස