පළාත් අතර සංචරණ සීමා අද රාත්‍රීයේ සිට….! දින 20ක් පළාත් අතර යාම් ඊම් තහනම්….!

May 11, 2021 at 9:06 am | by emanisa.lk

පළාත් අතර සංචරණ සිමා අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මෙම සංචරණ සීමා මැයි 30 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

අත්‍යවශ්‍ය සේවා සඳහා මෙම තහනම බාධාවක් නොවේ.

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම තීන්දුව ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *